ශ්‍රී ලාංකිකයන් සේවය කරන නැවකට රතු මුහුදේදී හූති ප්‍රහාරයක් – තිදෙනෙක් මරුට!
රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනකු මියගොස් තිබේ.
යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවකට මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
ප්‍රහාරය එල්ල වනවිට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයන් තිදෙනකු සිට ඇත.
ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයන්ය.
නේපාල ජාතිකයෙකු ද ඒ අතරට ඇතුළත් බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරයි.
වියට්නාම ජාතිකයන් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සිටි පැවැසේ.
යාත්‍රාව ගිනි ගනිමින් ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරයි.
නෞකාවේ සිටි සෙසු සාමාජිකයන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බව ද විදෙස් ජනමාධ්‍ය පවසයි.
එහි සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කර ඇති අතර, අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, ප්‍රහාර එල්ල වූ නෞකාවේ සිටි ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවයි.
ශ්‍රී ලාංකිකයන් සේවය කරන නැවකට රතු මුහුදේදී හූති ප්‍රහාරයක් – තිදෙනෙක් මරුට!
2024-03-07T07:56:00+05:30
Gossip Lanka Hot News






