මහ බැංකු සේවකයෝ 99ක් අස්වෙති! පවත්වාගෙන යාම අභියෝගයක්!
මහ බැංකුවේ පල පුරුදු සේවකයන් ඉවත් යෑම පසුගිය වසර දෙකක කාලය තුළ කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇත.
මහ බැංකුව පෙන්වා දෙන්නේ එම වසර දෙක තුළ පමණක් එවන් පලපුරුදු සේවකයන් 99 දෙනෙකු මහ බැංකු සේවය අතහැර ගොස් ඇති බවයි.
එනිසා එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම අභියෝගයක් වී ඇත.
තව දුරටත් එවන් නිලධාරීන් සේවයෙන් ඉවත්වීම වළක්වා ගැනීම සඳහා වැටුප් ඉහළ දැමීමක් සිදු කළ යුතු බවද මහ බැංකු කළමනාකාරීත්වයේ අදහස් අදහස වී තිබේ.
මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීමට අදාළව මෙම කාරණා ලබන සතියේදී පාර්ලිමේන්තු කාරක සභාවට පැහැදිලි කිරීමට ද මහ බැංකුව සූදානමින් සිටී.
මහ බැංකු සේවකයෝ 99ක් අස්වෙති! පවත්වාගෙන යාම අභියෝගයක්!
2024-03-01T11:50:00+05:30
Gossip Lanka Hot News






