gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් වීරවංශට පාචනය... අධිකරණයෙන් නියෝගයක්!

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කර රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා මත අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව යහපාලන රජය සමයේ ගොනුකර තිබු නඩුව අද (01) දින කැදවනු ලැබුවේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැදවනු ලැබු අතර එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිට නොමැති අතර විමල් විරවංශ මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් මහාධිකරණයට දැනුම්දී ඇත.

රෝගී තත්ත්වය සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත් දන්වා සිට ඔහුගේ නීතිඥවරයා විත්තිකරු උණ, වමනය, පාචනය යන තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබාදෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද සදහන් කරයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවී කරුණු දක්වමින් සදහන් කළේ, විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස (13) වනදා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

එනිසා නඩුව එළඹෙන මාර්තු මස (22) වනදා නැවත කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka