BOI සේවකයන්ට බෝනස් ඇතුළු විවිධ දීමනා ගෙවීමට ඉකුත් 2022 වසරේදී අත්තනෝමතික ලෙස රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාව අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් 07ක්, වෙනත් දීමනා සදහා රුපියල් කෝටි 54ක් වැය කර ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් මෙම විගණන වාර්තාව වෙනුවෙන් කරුණු දක්වමින් පහදා සිටියේ, ඉහත දීමනා වලට අදාළව මහා භාණ්ඩාගාරය අනුමැතිය ඉල්ලූ බවයි. ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් 2022 වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බව යෝජනා වූ බව සඳහන් කරයි.
