gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රමිතියෙන් තොර කාච ගත්ත කට්ටිය අධිකරණයට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් ලබා ගත් ප්‍රමිතියෙන් තොර අක්ෂි කාච දසදහසක තොගය සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවට යන බව  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා කියයි.

ඒ මහතා ඒ බව කියා සිටියේ බොරැල්ල එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ පසුගියදා (07) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු අසු පැනයකට පිළිතුරු දෙමිනි.

එලෙස ලැබුණු අක්ෂි කාචවල ප්‍රමිතිය පරික්ෂා කිරීම ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂනික කමිටුවෙන් අනිවාර්යෙන් කළ යුතු බවත් ප්‍රමිතියෙන් තොර අක්ෂි කාච මෙරටට ලැබුණේ නම් තාක්ෂනික ඇගයීම් කමිටුවේදී එම අක්ෂි කාච මෙරටට ආනයනය කරන්න අවසර ලබා දුන් සෑම නිලධාරියෙක්ම අනිවාර්යෙන්ම නිතිය හමුවට පත් කළ යුතු බවත්ය.

ඒ සදහා මෙම අක්ෂි කාච ප්‍රමිතියෙන් තොර බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් සහතිකයක් නිකුත් කළ යුතු බවත් එවිට නිසියාකාරව නිතිය ක්‍රියාත්මක කළ හැකි බවත් සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මෙම අක්ෂි කාච තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒවා භාරගන්නා ලෙසට සෞඛ්‍ය බලධාරීන් දෙදෙනෙක් වෛද්‍ය සැපයුම් අංශයට බලපෑම් කර තිබු බවද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) විසින් මේ අක්ෂි කාච තොගය ගෙන්වා ඇති බව මේවන විට හෙළිව තිබේ.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka