gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථික අර්බුදය හිතුවට වඩා දරුණුයි! වියදම් වැඩි නිසා කාන්තාවන් 40%ක් සනීපාරක්ෂක තුවා භාවිතය නවත්වලා! අවුරුද්දටම යන්නේ රුපියල් 4500ක් වුණත් ඒකවත් වියදම් කරන්න කාන්තාවන්ට හැකියාවක් නෑ! තරුණියන්ගේ සනීපාරක්ෂාව බරපතළ අනතුරක!

පවතින ආර්ථික කඩා වැටීම හමුවේ මෙරට කාන්තාවන්ට අත්වීඳීමට සිදුව ඇති තවත් අර්බුදයක් පිළිබඳව ඇඩ්වකාටා ආයතනය සිදු කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.  එම ආයතනය පෙන්වා දෙන්නේ මෙරට අවුරුදු 15ත් 47ත් අතර වයසේ පසුවන කාන්තාවන්ගෙන් 40%ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවයි.

2019 වර්ෂයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ගෘහස්ථ ආදායම් පිළිබඳ වර්තාවේ දත්ත පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමීක්ෂණය සිදු කළ ආයතනය පවසන්නේ 2022 වසරේ ඔක්තෝම්බර් මසදී දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කලද 2023 වසරේ වැට් බදු සංශෝධනය මඟින් සනීපාරක්ෂක අමුද්‍රව්‍ය සඳහා නැවතත් 18%ක බද්දක් පනවා ඇති බවයි.

2019 වසරේ දී වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන් සහ ගැහැණු ළමුන් ලක්ෂ 21ක් ආර්ථික අපහසුතා හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිත කර නැති බවයි ඇඩවකාටා ආයතනය පවසන්නේ.

එය එම වයස් කාණ්ඩයේ සමස්ථ කාන්තා සහ ගැහැණු ළමුන්ගෙන් 40%ක පමණ ප්‍රතිශතයක්.

ජීවන වියදම ඉහළයාමත් සමග මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි අදාළ සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ.

සාමාන්‍යෙයන් එක් ඔසප් චක්‍රයකදී කාන්තාවකට රු.375ක් පමණ වැය කිරීමට සිදු වෙන බවටයි ගණන් බලා ඇත්තේ.

එය වාර්ෂිකව රු.4500ක් තරම් අධික පිරිවැයක්.
වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා 51.07%ක බදු පනවා තිබෙනවා.

එමගින් රජයට වාර්ෂිකව රුපියල් මිලියන 37ක පමණ ආදායමක් ලැබෙනවා.

එය මුළු බදු ආදායමෙන් 0.0021% ක ප්‍රතිශතයක් පමණයි.

එය කිසිසේත් සැළකියයුතු බදු ආදායමක් නෙවුවත් කාන්තාවකගේ ජීව විද්‍යාත්මක චක්‍රයට ඇති කරන්නේ ලොකු බලපෑමක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka