ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ඉන්න බැරි වූ මොහොතේ රටින් පිටවීම සදහා තමන් උදව්කල බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටව යාම සදහා තමන් උදව්කල ආකාරය සුගීස්වර බණ්ඩාර ඇතුලු ඇතුලේ සිටි පිරිස දන්නා බවද හිමියන් පැවසූහ.
ඒ බව නොදැන පොත්වල තමන්ගේ නම සදහන් කර ඇති බවත් වගකිව යුතු හාමුදුරුවරුන් ලෙස තමන් පමණක් නොව තවත් මහා සංඝරත්නය බොහෝ පිරිසක් අරගලයට පැමිණි බවද උන් වහන්සේ අවධාරණය කරති.
තමන් පෙනී සිටියේ ඒ අවස්ථාවේදී රටේ දුක්විදින මහජනතාව වෙනුවෙන් බවත් තවත් පෙන්වා දෙති.
ඇඹිළිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.