gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට බෑ කිව්වොත් සජබ සහ පොහොට්ටුව කැඩෙන ලකුණු …

ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහායෝගය දැක්වීමට   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති රුවන් විජේවර්ධන අද මහනුවර දී පැවසුවේය.
ඔහු පවසන්නේ මේ වනවිට පවත්වාගෙන යන සාකච්චා අනුව පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති  බවය.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ  සියලු දෙනාට පිළිගත හැකි පොදු සලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස රනිල් වික්‍රමසිංහට දැනටමත් ආරාධනා ලැබී ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිට ජාතික ජන බලවේගය වටා ගොඩනැගෙමින් ඇති ජනතා බලයට පිළිතුරු ලබා දීමට හැකි සෑම ආකාරයකින්ම අණ්ඩුවට සමගාමී දේශපාලන ධාරාවන් එක් කරගැනීමට කටයුතු කරන අතරම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ නෛතික එළඹුම් යටතේ ව්‍යවස්ථාවේ පුංචි හෝ අවකාශයක් සොයා යමින් මැතිවරණ දෙකම කල් දමා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් රටේ සිවිල් ජන කණ්ඩායම් සහ ව්‍යවස්ථා විශාරදයින් අවධාරණය කරන්නේ දින වකවානු සහිතව ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ජනාධිපතිවරණය මගහැරීමට අධිකරණයට ව්‍යවස්ථා දායකයට හෝ විධායකයට කිසිම අවකාශයක් නැති බවය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka