ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ප්‍රධාන මැතිවරණය දෙකම කල් යනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. නව මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ප්‍රමාද වීම හා ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා ඉදිරිපත් වීම නිසා මෙලෙස මැතිවරණ පැවැත්වීම කල් යනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙන වෙනම පැවැත්වීමෙන් අධික මුදලක් ඒ සඳහා වැය කිරීමට රජයට සිදුවන බැවින් මැතිවරණ දෙකම එකවර පවත්වා ඒ සඳහා වැයවෙන අධික මුදල් ප්‍රමාණය ආරක්ෂා කර ගත හැකි බවට රජයට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පැවසේ.
එසේම ඉදිරි මැතිවරණය සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමය මිශ්‍ර වූ නව ක්‍රමයක් යටතේ පැවැත්වීමට නියමිතව ඇත.
ඉහත කාරණා දෙක සම්පූර්ණ වීමට දිගු කාලයක් ගතවන බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඒ අනුව කල් යනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
-lankasara