gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ජාති, ආගම් භේද නෑ... නීතිය සැමට අකුරටම" ඇමති ටිරාන්ගෙන් පොරොන්දුවක්.. බලපෑම් මැද යුක්තිය නොනැවතී

බලපෑම් කරමින් පොලිස්පතිවරයා එම ධුරයෙන් ඉවත් කිරිමට උත්සාහ දරනුයේ 'යුක්තිය' මෙහෙයුම
නැවැත්විමේ අරමුණින් යුතුව බවට පොලිසිය බාර ටිරාන් අලස් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම තේමා කර ගනිමින් වව්නියාව හා මන්නාරම කොට්ඨාස වල මහජනතාව දැනුවත් කිරීමේ  විශේෂ වැඩසටහනක් සහ ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබා දීම සඳහා "107" හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට එක්වෙමින් ටිරාන් අලස් ඇමැතිවරයා ඊයේ (16) මේ බව කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රධානත්වයෙන්, අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සහභාගිත්වයෙන්  වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්විණි.

එම අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙලෙස අදහස් දැක්වීය.


''කාගෙවත් බලපෑම්වලට යටත් නොවී, අපි කරන්න තියෙන දේ කරනවා''
 
“කුඩු ජාවාරමේ තියෙන මුදල් ප්‍රමාණය මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්ති අපේ මේ මෙහෙයුම නවත්වන්න. සමහර රටේ පිළිගත් උදවිය මේ මිලියන ගණන් වලට යටවෙලා ඔවුනුත් අපට බලපෑම් කරනවා. ඒ අතර සමහර නීතිඥ මහත්වරු ඉන්නවා.NGO කට්ටිය ඉන්නවා. බලවත් තව පුද්ගලයින් ඉන්නවා.ඒගොල්ලන් දැන් මේ දවස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිකම නැති කරන්න ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා.අපිට ලියුම් එවනවා. නිවේදන නිකුත් කරනවා. මේ දේවල් කරන්න කියලා. මම හැබැයි සියලු දෙනාටම කියන්න කැමතියි.ඒ මොන බලපෑම් ආවත් පොලිස්පතිතුමාට මොන බලපෑම් කෙරුවත් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරන්න. අපි පසුබට වෙන්නෙ නෑ අපි කරන්න තියෙන දේ කරනවා කාගෙවත් බලපෑම්වලට යටත් නොවී. ”

තමන් යටතේ පොලිසිය බාර අමාත්‍යංශය තමන් සන්තකයේ ඇති තුරු සිංහල, දෙමළ හෝ මුස්ලිම් සියලු දෙනාට නීතිය එකම ආකාරයෙන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

 
හොඳින් හෝ නරකින් පාතාලය නැති කරනවා
 
පොලිසියට සිදුකරන බලපෑම් ද අඩු වී ඇතැයි කී ඇමැතිවරයා “අපේ පොලිසියට මේ පහුගිය අවුරුදු එකහමාරේ බලපෑම් කරන එක ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඉස්සර ඕඅයිසී කෙනෙක් මාරු කරන්නේ ලියුම් අරගෙන එක්කෝ ටෙලිෆෝන් කෝල් එකකින් මෙයාව මාරු කරන්න කියලා. ඒ දේවල් දැන් වෙන්නෙ නෑ. ඒ මොකද මම  මේ ඇමතිකම දරනකන් ඒ කිසිවකට මම ඉඩ තියන්නේ නෑ.” යැයි සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුමට අවශ්‍ය තොරතුරු ලබා දී ඇති දුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසත් තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය හෙළි නොවීමට කටයුතු කරන බවද ටිරාන් අලස් අමාත්‍යවරයා සහතික විය.

“අපි ඔක්කොටම වඩා ඔබ සියලු දෙනා තමයි තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක දන්නේ? අපිට වඩා ඔබ සියලු දෙනා ඒක නිසා ඒවා අපිට ලබා දෙන්න.ලොකු පොඩි කවුරු උනත් ඒ දේ කරන සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්න බව පොරොන්දු වෙනවා.පාතාලය ගැනත් අපට තොරතුරු ලබා දෙන්න.කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑනේ. ඒ චන්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා  මිනී මරණ තැනට එන්නේ. මම දන්නවා මේ පළාත් වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණාකරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න අපි පාතාලය නැතිකරන එක හොඳින් හෝ නරකින් හෝ කරන්න තීරණය කරලා තියෙන්නේ.”

කුඩු හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මෙන්ම කුඩු ජාවාරම හා පාතාල ක්‍රියාකාරකම් තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ට විපාක විඳින්න සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka