පොලිසියේ දූෂණ හෙළිකරමින් යූ ටියුබ් චැනල් එකක් කරන හිටපු පොලිස් නිලධාරී විමල් ජයසේකරගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!
පොලිසීයේ දූෂණ අපරාධ සහ අනීතික කටයුතු සහ පාතාලයේ හැසිරීම් හෙළි කරමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන හිටපු පොලිස් නිලධාරියෙක් වූ විමල් ජයසේකරගේ නිවසට නාඳුනන තුවක්කු කරුවෙක් වෙඩි තබා තිබේ.
වෙඩි පහරින් කිසිවෙකුටත් හානි සිදුවී නැතත් නිවසට හානි සිදු වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධ විමර්ශන කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා ඇතැයි දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
දිනපතා වෙඩි තැබීම් වාර්තා වන පසුබිමක අද පොලිස්පතිවරයා පැවසුවේ මේ පාතාලයේ අවසාන කාල වකවානුව බවත්, පහනක් නිවෙන්නට යනවිට දීප්තිමත්ව දැල්වෙන ස්වරූපය මේ වනවිට පෙනෙන්නට ඇති බවත්ය.
-lankasara
පොලිසියේ දූෂණ හෙළිකරමින් යූ ටියුබ් චැනල් එකක් කරන හිටපු පොලිස් නිලධාරී විමල් ජයසේකරගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!
2024-03-03T09:53:00+05:30
Gossip Lanka Hot News






