gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අවුරුදු 5ක් කිරිපිටි සමාගම් මිනිස්සුන්ගෙන් ගසා කාලා! මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා නෑ! කෝටි ප්‍රකෝටි ගණන් ලබා ගත්ත මේ ‌සමාගම්වලට දෙන දඬුවම මොකද්ද? ‌අපි බලාගෙන ඉන්නවා! VIDEO

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක  කර නැති බවත් ඒ  හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවත්  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මෙම තොරතුරු අනාවරණය වූයේ භාණ්ඩාගාරයේ සහ   වෙළඳ වාණිජ හා ආහාර  සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ  නිලධාරියකු පැවසුවේ මිල සූත්‍රයක් සෑදුවද භාණ්ඩාගාරයෙන් ඊට අනුමැතිය නොලැබුණු බවයි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙහිදී පැවසුවේ  කිරිපිටි සඳහා මිල සූත්‍රය 2018 වර්ෂයේදී සකස් කළේ තමා බවයි.

ඒ අනුව නිලධාරීන්ට දොස් පැවරූ හර්ෂ ද සිල්වා මහතා ඒ අවස්ථාවේදීම පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරියට දුරකතනයෙන් අමතා තොරතුරු විමසීමටද පියවර ගත්තේය.

එහිදී අනාවරණය වූයේ මෙම කිරිපිට මිල සූත්‍රය වසරින් වසර යාවත්කාලීන කළ යුතු වුවද එය සිදු කර නොමැති බවකි.

ඒ හරහා කිරිපිටි සමාගම් වසර 5ක් තිස්සේ අයුතු ලාභ උපයා ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.

‘කිරිපිටිකාරයන්ට යට වෙලා තියෙනවා කියන එක අහන්න දෙයක් නෑනේ’ යැයිද හර්ෂද සිල්වා මහතා කීවේය.

වෙළඳ අමාත්‍යාංශය ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඉතිහාසය පවා නොදන්නා බවත් මෙම ලියවිල්ල අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka