හදිසි හෘදයාබාධයක් වැළඳුන ශිවාජිලිංගම් චෙන්නායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ…
දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන් ඔහුව 2 දා චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කොට තිබේ.
පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළදී ඇත්තේ හතර වෙනි වතාවටය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් පසුගිය බ්‍රහස්පතින්දා (29) දා කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර ඔහු ඊට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹට පැමිණ ඇත.
එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් පසුව චෙන්නායි බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී හිටපු මන්ත්‍රීවරයා හෘදයාබාධයට ලක් වීමෙන් පසුව චෙන්නායි වඩපලනි විජායී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.
හදිසි හෘදයාබාධයක් වැළඳුන ශිවාජිලිංගම් චෙන්නායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ…
2024-03-03T08:58:00+05:30
Gossip Lanka Hot News






