gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බස්නාහිර විභාගය අත්හිටුවයි.. විභාගයට පෙර ප‍්‍රශ්ණ උත්තර පත‍්‍ර සමාජ ජාලාවල…

2023 පාසල් වාර අවසාන විභාගයේ 10 සහ 11ශ්‍රේණි වල බස්නාහිර පළාතේ විභාගය අත්හිටුවීමට තීරණය කර බව බස්නාහිර පලාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම විභාගයට අදාළ තවත් ප්‍රශ්න පත්‍ර 02ක් විභාගයට පෙර පිටවීම ඊට හේතුවී තිබේ.

එලෙස පිටව ඇත්තේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍රයි.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතිබව පොලිසිය පවසයි.

වර්ෂ අවසාන විභාගයේ බස්නාහිර පළාතට අදාළව තවත් ප්‍රශ්න 02ක් විභාගයට පෙර දිනයේ කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.

එලෙස මුදා හැර ඇත්තේ විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2023 වර්ෂයට අදාළ වර්ෂ අවසාන විභාගයේ සබරගමු පළාතේ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ කොටසක් විභාගයට පෙර නිකුත් වී ඇතිබව වාර්තා වේ.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka