gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විකල්ප නැකැත්කරුවන්ට මරණ තර්ජන

රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පටහැනිව අදහස් පළකිරීම හේතුවෙන් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව විවේචනය නොකරන ලෙසටත්, විකල්ප නැකැත් ඉවත්කර ගන්නා ලෙසටත්, එසේ නොකළහොත් මරා දමන බවටත් විවිධ ක්‍රම මගින් මරණීය තර්ජනය එල්ල වන බව ඔහු කීවේ ය.

විවිධ පුද්ගලයන් නිර්නාමිකව එල්ල කරන තර්ජන පිළිබඳව පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් වැඩි වශයෙන් විවේචනය කරනු ලැබූයේ තමන් බව පැවසූ හෙතෙම මේ හේතුවෙන් තනිව මහමග ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රකාශ කළේ ය.

රාත්‍රි කාලයට අවුරුදු නැකැත් යෙදෙන පරිදි රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීම තුළ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන්ට තනි තනිව තම තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමට සිදුව ඇතැයි ද ඔහු කීය.

රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීමට පසුගිය කාලසීමාවේ තමා විශාල වැඩකොටසක් සිදුකළ බව පැවැසූ රොෂාන් චානක මහතා මේ පිළිබඳව රාජ්‍ය නැකැත් කමිටුවේ ඇතැම් සාමාජිකයන් උරණ වී සිටින බවත්, විකල්ප අදහස් ජනගත වීම වැළැක්වීමට ඔවුන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවත් සඳහන් කළේ ය.

තවදුරටත් ජීවිත තර්ජන එල්ල වුවහොත් රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ට විරුද්ධව නීත්‍යනුකුලව පියවර ගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka