gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප්‍රේල් 12 තවත් මහා අර්බූදයක් පටන් ගන්නවා!

2022 වසරේ සිට චීනය ලංකාවට ලබාදී තිබූ ණය ‌වාරික ගෙවීමේ සහනය ලබන අප්‍රේල් මස 12 වැනිදායින් පසු අවසන් වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ චීන රජය මේ බව දැනටමත් ආණ්ඩුව වෙත දැනුම්දී ඇති බවත්, ණය ‌ගෙවීම නැවත ආරම්භ කරන ලෙස දැනුම්දී ඇති බවත්ය.

ඒ අනුව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ හදිසි චීන සංචාරයද මෙම චීන ණය සහනය තවදුරටත් දීර්ඝ කරගැනීමේ අරමුණින් සිදුවූවක්ද යන්න පිළිබඳවද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ.

ලංකාව, චීනය වෙත ඩොලර් බිලියන 26.4ක මුදලක් ණය වී ඇති අතර, පසුගිය කොරෝනා සමයෙන් පසු 2022 අප්‍රේල් මස 12 වැනි දින සිට වසර දෙකක ණය ‌නොගෙවා සිටීමේ සහන කාලයක් චීනය ලංකාවට ලබාදී තිබිණි.

එම කාලය අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ඒ අනුව චීනය දැනුම් දී ඇත්තේ එම කාලය අවසන් වීමත් සමග ලංකාව නැවත වතාවක් චීන ණය ගෙවීම ආරම්භ කළ යුතු බවකි.

එහිදී ආණ්ඩුව පැත්තෙන් එම සහන කාලය නැවත වතාවක් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියද චීනය දැනුම් දී ඇත්තේ එවැන්නක් සිදුකළහොත් අනෙක් රටවල්ද එවැනි ආකාරයට ණය සහන කාලයන් ඉල්ලා සිටිනු ඇති බවකි.

ලොව වෙනත් රටවල් ඇමෙරිකානු ඩොලර් බිලියන 600ක පමණ මුදලක් චීනය වෙත ණයවී ඇති බවත්, ලංකාවට පමණක් තවදුරටත් ණය ගෙවීමට සහන කාලයක් ලබා දුනහොත් අනෙක් රටවල්ද එම ඉල්ලීම සිදුකිරීමට ඉඩ ඇති බවත්, එවැන්නක් සිදුවුවහොත් එය බරපතළ අර්බුදයක් වනු ඇති බවත් චීනය මෙහිදී ලංකාවට පෙන්වා දී ඇති බව පැවසේ.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ණය ගෙවීම ආරම්භ කරන ලෙසත්, පසුව අතරමගදී යම් සහනයක් දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් චීනය තවදුරටත් දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka