gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැතිවරණය ඔක්තෝබරයේ: ජුනියේදී ජනතාවට සහන රැසක්!

ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවේ.

විදුලි බිලට ජල බිලට යම් සහනයක් ලබාදීම සහ බදු අඩු කිරීම ලබාදීමට නියමිත සහන  අතර වන බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාද  දැනටමත් ඒ සම්බන්ධයෙන් ඉඟි පළ කර ඇත.

මේ අතර මහ මැතිවරණය ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වීමට රජය බලාපොරොත්තුවේ.
(සුජිත් හේවාජුලිගේ)
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka