gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවීම ඇණහිටී.. අත්සන් කරන්න මන්ත‍්‍රීලා නෑ…

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී නැති අතර එම පාර්ශවයෙන් අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය නියමිත පරිදි නියමිත කාලයේදී පැවැත්වෙන බවයි.

නමුත් පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තු මැතිවරණයක් වේලාසන පැවැත්වීම සඳහා සැලසුම් කර තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් සම්මත කර විසුරුවා හැරීම සඳහා පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

නමුත් ඊට අවශ්‍ය ප‍්‍රමාණයට මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීමට නොහැකි වීම මත මෙම සැලසුම නැවතී ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka