gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

න්‍යෂ්ටික යුද්ධයකට සූදානම්…පුටින් ප්‍රකාශ කරයි!

රුසියාවේ රාජ්‍යත්වයට හෝ ස්වාධීනත්වයට තර්ජනයක් ඇත්නම් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට, එනම් න්‍යෂ්ටික යුද්ධයකට රුසියාව සූදානම් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද ප්‍රකාශ කර තිබෙනවා.
රුසියානු මාධ්‍ය සමඟ අද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජනපදය, යුක්රේනයට හමුදා එවන්නේනම් එය ගැටුමේ තීව්‍ර වීමක් බව සඳහන් කල ඔහු න්‍යෂ්ටික යුද්ධයක් ඇති කරවන ආකාරයේ තත්වයන් එක්සත් ජනපදය විසින් වළක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන නමුත් එවැනි අවස්ථාවක් උදා වුවහොත් රුසියාවේ න්‍යෂ්ටික බලය ඒ සඳහා සූදානම් බවත් ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේන යුධ පිටියේ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට ඔබ කවදා හෝ සලකා බැලුවේ දැයි මාධ්‍ය විසින් ප්‍රශ්න කළ විට පුටින් ප්‍රතිචාර දැක්වූයේ ඒ සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි. මොස්කව් යුක්රේනය තුළ සිය ඉලක්ක සපුරා ගනු ඇතැයි විශ්වාසය පළ කළ ඔහු, ඕනෑම ගනුදෙනුවක් සඳහා බටහිර රටවල ස්ථිර සහතිකයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ රුසියානු භූමියට හෝ යුක්රේනයට ඇමරිකානු හමුදා යොදවන්නේ නම්, රුසියාව එම පියවර මැදිහත්වීමක් ලෙස සලකන බව එක්සත් ජනපදය තේරුම් ගෙන ඇති බවයි.

බටහිර රටවල නායකයන් යුක්රේනයට රුසියාව පරාජය කරන බවට පොරොන්දු වී ඇති නමුත් වසර දෙකක යුද්ධයෙන් පසුව රුසියානු හමුදා යුක්රේන භූමියෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක පාලනය තමා සතු කර ගැනීමට සමත්ව තිබෙනවා. බටහිර රට වලට සාපේක්ෂව ඉතා වේගයෙන් සන්නද්ධ වෙමින් සිටින රුසියාවට එරෙහිව යුක්රේනයේ කියෙව් අගනුවර ට සහාය දෙන්නේ කෙසේදැයි බටහිර නායකයින්  සැලසුම් කරන විට කියෙව් අගනුවර පවසන්නේ තම ජාතික අනන්‍යතාවය මකා දැමීමට සැලසුම් කර ඇති අධිරාජ්‍ය පන්නයේ ආක්‍රමණික යුද්ධයකට එරෙහිව තමන් ආරක්ෂා වන බවයි. මේ අතර රුසියාව පවසන්නේ යුක්රේනයේ තම පාලනයට යටත්ව පවතින ප්‍රදේශ දැන් රුසියාව බවයි.

න්‍යෂ්ටික යුද්ධය
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් රුසියාවේ අවසාන තීරණ ගන්නා පුද්ගලයා වන ව්ලැඩ්මීර් පුටින් අවධාරණය කරන්නේ අවි භාවිතා කිරීම සඳහා ක්‍රම තිබෙන බවත් ඔවුන්ට ඔවුන්ගේම මූලධර්ම තිබෙන බවත් ය. රුසියාව සහ එක්සත් ජනපදය ලෝකයේ න්‍යෂ්ටික අවිවලින් 90% කට වඩා පාලනය කරන ලොව විශාලතම න්‍යෂ්ටික බලවතුන් වේ. යුක්රේනය සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා සඳහා රුසියාව සූදානම් නමුත් ඒවා යථාර්ථය මත පදනම් විය යුතු බව පුටින් පවසා තිබෙනවා. පසුගිය මාසයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය නතර කිරීම සඳහා යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ පුටින්ගේ යෝජනාව අතරමැදි සම්බන්ධතා වලින් පසුව එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එක්සත් ජනපදය න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන්නේ නම් රුසියාවටද එයම කළ හැකි බව පසුව පුටින් ප්‍රකාශ කර තිබෙනවා. “එය අවශ්‍ය නොවේ.. අපි තවමත් ඒ ගැන සිතා බැලිය යුතුයි, නමුත් අපට එය කළ නොහැකි දෙයක් නොවේ” යැයි ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

එක්සත් ජනපද මධ්‍යම බුද්ධි අංශ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් මේ සතිය මුලදී අනතුරු අඟවා තිබුනේ බටහිර රටවල් යුක්රේනයට නිසි සහයෝගයක් ලබා නොදුනහොත්, චීනයේ ජනාධිපති ෂී ජින්පින්ගේ ද සහය හිමි රුසියාව කියෙව් අගනුවරට අයත් තවත් භූමි ප්‍රදේශයක් අහිමි කරනු ඇති බවටයි. රුසියාවේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයෙකු වූ බර්න්ස්, සාකච්ඡා වලට පෙර යුක්රේනයට ශක්තිමත් තත්ත්වයකට පැමිණීම සඳහා ඉඩ සැලසීමට සහාය දැක්වීමට අවශ්‍ය බව සෙනෙට් බුද්ධි කමිටුවට පවසා ඇති පසුබිමකයි තමා කිසිවෙකු විශ්වාස නොකරන බවත් සමථයකට පත් වුවහොත් රුසියාවට ඒ සඳහා ලිඛිත ආරක්ෂක සහතිකයක් අවශ්‍ය වනු ඇති බවත් පුටින් ප්‍රකාශ කර ඇත්තේ.

-අමායා උඩුවැරැල්ල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka