gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු එරාස්මස්ගේ ‘ටයිම් අවුට්’ වෙයි!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් මහතා අදින් පසු ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙයි.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී දැන් ක්‍රියාත්මක නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඊයේ ඔහු විනිසුරු දිවියෙන් සමුගෙන ගියේය.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කළේය. එලෙස මැතිව්ස් දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට එරෙහි ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ක්‍රිකට් විචාරකයෝ චෝදනා කළ අතර, ඉන් හරියටම මාස 4ක් ගෙවී යද්දී මොරිස් එරාස්මස් විනිසුරු දිවියට තිත තැබීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු මාරයිස් එරාස්මුස් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙස සිය ගමන 2006 පෙබරවාරි මාසයේදී ආරම්භ කළ අතර, ලෝක කුසලාන හතරක සහ විස්සයි 20 ලෝක කුසලාන පළමු සංස්කරණයේ හැර අන් සියල්ලෙහිම විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත. කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තුනකදී පිටියේ විනිසුරු වුයේද ඒ මහතාය. ටෙස්ට් තරග 82ක්, එක්දින තරග 124ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 43ක විනිසුරුවූ හෙතෙම කාන්තා ක්‍රිකට් විස්සයි 20 තරග 18ක විනිසුරු වූවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka