gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇල්පිටියේ 17 හැවිරිදි තරුණිය ඝාතනය කළ ඝාතකයා කොටු වෙයි! සහෝදරියගේ සැමියා සමග සමීප සබඳතාවක් පැවැත්වූ තරුණියගේ ඉරණම විසදුන හැටි

ඇල්පිටිය ප්‍රදේශයේදී 17 තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ තරුණිය ගේ සොහොයුරියගේ සැමියා ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සුදේශ් ප්‍රියංකර නැමැති පුද්ගලයෙකි.

පොලීසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු පවසා ඇත්තේ, ඝාතනය වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඝාතනය සිදුකළ බවය.

පසුව පොලීසිය විසින් සැකකරුව ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය
ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී පසුගිය 09 වනදා සොයා ගැණුනි.

තරුණියගේ සොහොයුරියගේ සැමියා  විසින් එසේ පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියකි.

ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබිණි.

ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමග ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. හංසිකාගේ පියා පවසන්නේ,  පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.

පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි මස්සිනා, ඇයව පසුගිය දිනක යළිත් රැගෙන ගොස් තිබුණි.  ඒ අතරවාරයේ හංසිකා දුරකථන ඇමතුමක් ලබාදී මවට පවසා ඇත්තේ බලහත්කාරයෙන් රඳවා තබා සිටින තමාව බේරාගන්නා ලෙසය.

හංසිකාගේ මව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි. එම  පැමිණිල්ල විභාග කිරීමට පොලීසියෙන් කළ දැනුම්දීමට අනුව හංසිකා මව සහ සහෝදරියක් සමග ත්‍රිරෝද රථයකින් ඇල්පිටිය පොලීසිය වෙත යමින් සිට ඇත.
එහිදී තවත් දෙදෙනෙකු සමග පැමිණි මස්සිනා ඇයව ත්‍රිරෝද රථයෙන් බලහත්කාරයෙන් බස්සවාගෙන තවත් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මෙසේ ගෙල කපා ඝාතනය කර තිබිණි. මෙතෙක් ඝාතකයා සිටියේ අතුරුදහන්වය. 

– දෙරණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka