තමන් හීරළුවෙක් නොවන බව පොලිස්පති දේශබන්දු නුවර දී කියයි!
තමන් මහණ වී සිට සිවුරු අත්හැරි පුද්ගලයෙක් නොවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (02) මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඉන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
සමාජ මාධ්‍යවල පලවන ඉතාම අසත්‍ය පුවත් සඳහා මේ ප්‍රචාරණය කදිම උදාහරණයක් බව කී පොලිස්පතිවරයා තමන් මේ දක්වා මේ කතාව මාධ්‍ය ඉදිරියේ නිවැරදි කරන්නට නොගිය බව පැවසුවේය.
ඒ තමන් මහණ වී සිට සිවුරු අත්හල පුද්ගලයෙක් බවට වූ සමාජ ප්‍රචාරනය නිසා පන්සල්වලින් ඉතාම ඉහළ ප්‍රතිචාරයක් සහ සහයෝගයක් තමන්ට මින්පෙර අවධියේ තිබුණු නිසා යැයි ද ඔහු කීවේය.
මේ තත්ත්වය නිවැරදි කර ඇත්ත සමාජගත කරන ලෙස ද ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.
Posted in: deshabandu-tennakoon
තමන් හීරළුවෙක් නොවන බව පොලිස්පති දේශබන්දු නුවර දී කියයි!
2024-03-02T23:48:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|






