ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට දිනයේ සිදුවීමට නියමිතව ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණ ඇතුළු දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරුණු එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවතීමේ හැකියාව ගැන ද මෙහිදී සාකච්ඡා කෙරුණු ඇතැයි වාර්තා වෙයි.
මහ මැතිවරණය කලින් පැවැත්වීම දේශපාලන වශයෙන් වාසිදායක බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් මත පළ කරති.
