gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට අපේක්ෂකත්වය නොදුන්නොත් පොහොට්ටුවෙන් යනවා කී ප්‍රසන්නත් බැසිල් පිළිගන්න ඇවිත්! රහස් සාකච්ඡාවක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ 8.16ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහත්වරුන් ගුවන්යානයට ම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත් බවයි, තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව රාජ්‍ය ඇමති ඩී.වී චානක හා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් පමණක් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට ගොස් තිබෙනවා.

ඒ අතරවාරයේ දී බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දෙපළ කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව සඳහන්.

එහි දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් බැසිල් පිළිගැනීමට පැමිණ සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka