BREAKING NEWS : බැසිල් ලංකාවට එයි... ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය කැදවන හැටි කටුනායකදීම කියයි (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වෙලාවකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණියේය.
ඇමරිකා එක්සත් ජනපදයේ සති කිහිපයක් රැඳී සිටි ඒ මහතා කටුනායක ගුවන් තොටුපලින් අද පෙරවරුවේ මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ඉදිරි මැතිවරණයට පක්‍ෂය සංවිධානය කිරීම සඳහායි.
ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාව අනුව පළමුව පැමිණිය යුත්තේ ජනාධිපතිවරණයක් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් වුවද කැඳවීමේ හැකියාවක් පවතින බවය.
කෙසේ වෙතත් ඕනෑම මැතිවරණයක් සඳහා තමන් සංවිධානය කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.
තමන් මැතිවරණයට තරග නොකරන බවත් ඔහු එහිදී සදහන් කලේය.
එ් මහතා පිළිගැනීම සඳහා පොදු ජන පෙරමුණේ මැතිඇමතිවරුන් හා ආධාරකරුවන් පිරිසක් ගුවන් තොටුපළට ගොස් සිටියහ.
BREAKING NEWS : බැසිල් ලංකාවට එයි... ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය කැදවන හැටි කටුනායකදීම කියයි (VIDEO)
2024-03-05T10:13:00+05:30
Gossip Lanka Hot News






