මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් පත් කර ඇති බවට වාර්තා වේ.
එම පක්ෂයේ දේශපාලන ලේකම් ධුරයට අමතරව මාධ්‍ය ලේකම් ධුරය ඇතුළු නිල තල ගණනාවක් වෙනස් කර පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමට එම රැස්වීමේ දී එකඟ වී ඇති බවට ද වාර්තා වේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ අලුත්ම ඡන්ද ලකුණක් සහිතව පොදු සන්ධානයකින් බවට පසුගිය දා වාර්තා වූ අතර එසේ ඉදිරිපත්වන පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස්ට හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත පවරා තිබේ.
ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම වන අතර ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ ඡන්ද ලාංඡනය වන්නේ ජංගම දුරකථන යි.
අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම පසුපස ජනාධිපතිවරයා එම පක්ෂය පොදු සන්ධානය බවට පත් කිරීමේ උත්සහයක් විය හැකි බවට දේශපාලන විචාරකයන් සැක පල කරයි.
