"එතුමාගේ ගුරුවරයා විදිහට මට හිතාගන්නත් බෑ මේ මම උගන්වපු ශිෂ්‍යයාමද කියලා... අදහාගන්නත් බෑ..." - කුලියාපිටියේ වේදිකාවේදී ජනාධිපතිවරයාගේ වාග් විලාශය ගැන ගුරුවරයා විදිහට මහාචාර්ය ජී.එල්. පුදුම වෙයි (VIDEO)
ජනාධිපතිවරයා කුලියාපිටියේ දී කළ ප්‍රකාශයෙන් පිළිබිඹුවන්නේ චරිත දෙකක් බවත්, ඔහු අතීතයේ වචන පාවිච්චි කිරීමේදී ඉතා පරිස්සමින් පාවිච්චි කළ බවත්, විපක්ෂයේ සාර්ථක වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටිය ජනරැළියේදී මහජනතාවට දැක ගත හැකි වූ බවත් මහාචාර්ය ජී.එල්ත. පීරිස් මහතා පෙන්වා දුන්නේය.
අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේ තමාගේ සිසුවකුව සිටි සමයේදී වික්‍රමසිංහ මහතා ඉතා විනීතව වචන භාවිත කළ බවත්, අවස්ථාවෝචිතව වචන ප්‍රකාශ කළ බවත්, මේ වනවිට ජනාධිපතිවරයාගේ වචන භාවිතය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවත්ය.
මේ තමන් ඉගැන්වූ ශිෂ්‍යාමද යනුවෙන් තමන් පුදුමයට පත්වන බවද පීරිස් මහතා කියා සිටියේය.
"එතුමාගේ ගුරුවරයා විදිහට මට හිතාගන්නත් බෑ මේ මම උගන්වපු ශිෂ්‍යයාමද කියලා... අදහාගන්නත් බෑ..." - කුලියාපිටියේ වේදිකාවේදී ජනාධිපතිවරයාගේ වාග් විලාශය ගැන ගුරුවරයා විදිහට මහාචාර්ය ජී.එල්. පුදුම වෙයි (VIDEO)
2024-03-11T19:35:00+05:30
Gossip Lanka Hot News