gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවෙන් කෙනෙක් දාන බව මහින්ද දැන්නුවා.. රනිල්ට එජාපයෙන් ඉල්ලන්න පුළුවන්..

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරඟ වැදිය හැකි බවද ඔහු පැවසීය.

නමුත් මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරඟ නොවදින බව තමන් කැට තබා සහතික කරන බවත් ඔහු කියා සිටියේය.

සමහරවිට අනුර දිසානායක මහතාට උදව් කර අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමේ අවස්ථාවක් ඇති බවත් එවන් දේශපාලන සටකපටකම් වික්‍රමසිංහ මහතාට හුරු බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka