දමිතා-සැමියා අත්අඩංගුවට නොගෙන ඉන්න බැරි බව පොලිසිය අධිකරණයට කියයි
රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා විසින් අධිකරණයෙන් සිදුකර ඇති අපේක්ෂිත ඇප ඉල්ලීමට විරුද්ධ වන බව රහස් පොලිසිය අධිකරණයට පවසා ඇත.
ඒ පුද්ගලයකු විදේශගත කරන බව පවසමින් රුපියල් තිස් ලක්‍ෂයක් වංචා කල බවට එල්ල වන චෝදනාවලට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමිනි.
කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට නොගන්නැයි කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීමට අදාළ නියෝගය එළඹෙන 27 වන දා දක්වා කල් තබන බවය.
දමිතා-සැමියා අත්අඩංගුවට නොගෙන ඉන්න බැරි බව පොලිසිය අධිකරණයට කියයි
2024-03-21T07:03:00+05:30
Gossip Lanka Hot News





