gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක් කටාට පැන යෑමට උදව් කළ සැරයන් ටීඅයිඩීයේදී කට අරී…

‘හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අත්අඩංගුවෙන් මිදී පලායෑමට ගත් උත්සාහයට උපකාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගත් පොලිස් සැරයන්වරයා මෙම සිද්ධියට උපකාර කළ තවත් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අත්අඩංගුවෙන් මිදී පලා යෑමේ සැලසුමට උදව් උපකාර කළ මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදීය.

හරක් කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට එම දෙපාර්තමේන්තු භූමියට යතුරුපැදියක් සහ හිස් වැසුමක් ගෙනැවිත් සඟවා තිබියදී එය පසුගියදා සොයා ගෙන තිබිණි.

හිස් වැසුම ගෙන ඒමට සහයවී ඇත්තේ ‘සුද්දා’ නමැති අයෙකු බව හෙළිකර ගත් ත්‍රස්ත විමර්ශන ඒකකය ඔහු සම්බන්ධයෙන් විමර්ශන කරද්දී මෙම සැකකාර පොලිස් සැරයන්වරයා පිළිබඳ තොරතුරු අනාවරණය විය.

‘හරක් කටා’ පලායෑමේ සැලසුමේ මහ මොළකරු වූ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මිදිගම රුවන් සමග සැකකාර සැරයන්වරයා ජංගම දුරකථන හරහා නිතර සම්බන්ධව ඇති බවද අනාවරණය විය.

මෙම සැකකාර සැරයන්වරයා ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
– Divaina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka