gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇල්පිටියේ 17 හැවිරිදි තරුණිය ඝාතනයේ හෙළිදරවු වූ කතාව…

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද තරුණියකගේ මල සිරුරක් ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම, නානායක්කාර මාවතේ බංගලාවත්ත තේ ඉඩමක තිබියදී   ඊයේ  (09) දහවල්  ඇල්පිටිය පොලීසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම මල සිරුර කරන්දෙණිය පොලිස් වසමේ මණ්ඩකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හංසිකා නදීෂානි නැමැති 17 හැවිරිදි තරුණියකගේය. ඇයගේ   තරුණියගේ ඥාතීන් විසින් හඳුනා ගත්තේය.

ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂවක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය ඇල්පිටිය මූලික රෝහලට රැගෙන යෑමට නියෝග කර තිබිණි.

තේ  ඉඩමෙන් හමුවන තරුණියගේ මළ සිරුර එතැනට රැගෙන විත් දැමූ එක්ක බව විමර්ශන කණ්ඩායම්වලට පෙනී යන්නේය.   ඇය ඝාතනය කර තිබුණේ වෙනත් ස්ථානයක දීය.  තරුණියගේ සිරුර පුරාම කැපුම් තුවාලය.

දැන් මේ මරණය සම්බන්ධ කතාව සමාජ ජීවිතයේ එක්තරා අඳුරු පෙළක් විවර කර ඇත. අවුරුදු 17 යනු අවුරුදු 16ක් යැයි සැලකෙන ළමා කාලය ඉක්මවූවා පමණ වයසකි. ලෝක අවබෝධයක් නැති කාල පරිච්ඡේදයක රැකවරණය ලැබිය යුතු වැඩිහිටි පිරිසක් ඇයට සිට නැත.

මේ තරුණිය ඇයගේ සොහොයුරියගේ සැමියා සමග සම්බන්ධතාවයක් පවත්වා ඇත. එම ආරවුල පොලිසිය තෙක් ගොස් තිබෙන බව පොලිස් වාර්තා පෙන්වා දෙන්නේය.  සොයුරියගේ සැමියා සමග මෙම තරුණිය ද ජීවත් වී ඇත. කරුමය වන්නේ තමන්ගේ වැඩිමල් දියණියගේ සැමියා සමග සිය 17 හැවිරිදි බාල දියණිය කුලීීී ගෙදරක  ජීවත් වී ඇත්තේ  එම තරුණියගේ මවත් සමගය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සමග ජීවත්විය නොහැකි බව පවසමින් මෙම 17 හැවිරිදි තරුණිය සහ ඇයගේ මව පසුගිය දිනෙක නිවසින් පැමිණ තිබේ.  පසුව ආසන්න දිනක අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුරුෂයා විසින් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය 04 වනදා කරන්දෙණිය පොලිස් ස්ථානය වෙත මේ තරුණිය විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එම පැමිණිල්ල විභාගය සඳහා කැඳවා තිබුණේ පෙරේදා  (08) ය. ඒ සඳහා  පොලිස් ස්ථානයට යමින් සිටියදී සැකකරු තවත් කිහිපදෙනෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ තල්ගහවත්ත ප්‍රදේශයේදී  මෙම තරුණිය පැහැරගෙන ගොස් ඇති බව දැන් පොලිස් වමර්ශනවලින් හෙළි වී ඇත.

තරුණිය පැහැරගෙන ගොස් ඝාතනය  කර  ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම, නානායක්කාර මාවතේ බංගලාවත්ත නැමැති ස්ථානයේ  තේ ඉඩමකට සිරුර ගෙනත් දැමූ   ඝාතකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
ඝාතකයා සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka