gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දැන් පොත් ලියලා මොකට ද? ගෝඨා පන්නපු සමහර කුමන්ත්‍රණකරුවො ඉන්නේ රාජපක්ෂ පවුලේ… මැදගොඩ අබයතිස්ස හිමියෝ කියති!

ගෝඨ‍ාභය රාජපක්ෂ තමන් පැන්නූ කුමන්ත්‍රණය ගැන පොත් ලියන්නේ එම කුමන්ත්‍රණකරුවන් නිසැකව දැනගෙන දැයි සැකයක් ඇති බවත්, රාජපක්ෂ පවුලේම සිටිනා එම කුමන්ත්‍රණකරුවන් තවමත් සිටින්නේ ගෝටාභය රාජපක්ෂගේ ඔඩොක්කුවේ බවත්  මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ පවසති. 
උන්වහන්සේ අද ( 13)  මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී ය.   එහිදි  උන්වහන්සේ මෙසේ ද කීහ.   
“දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා තනතුරෙන් පන්නපු ආකාරය පිළිබඳ  පොතක් ලියල තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා එයා  පන්නපු කුමන්ත්රණකරුවන්  නිසැකවම හඳුනාගෙනද මේ පොත ලිව්වේ කියලා.”  

“ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණය සඳහා පසුබිම සකස් කරගත්තේ එයාලම තමයි. ඒ වෙලාවේ බිම් මට්ටමේ ජනතාවගේ හඬට ඇහුම්කත් නොදීමත් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බලපෑ හේතුවක් වුණා.” 
“මේ කුමන්ත්‍රනකරුවෝ අදටත් ඉන්නේ එයාලගේ ඔඩොක්කුවේම තමයි. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරපු සමහර අය එයාලගේ පවුලේමයි ඉන්නේ. අදටත් ඉන්නවා. පොත් ලියන්න ඉස්සර වෙලා මේවා හරියට තේරුම් ගන්න ඕනේ. “
අබයතිස්ස හිමියෝ කීහ.  
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka