මර්වින් සමාජ මාධ්‍ය වළලන්න බොරැල්ල කනත්තට යයි (video)
Lanka Hot News මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.
සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම යනුවෙන් පවසමින් විරෝධතාවය පැවැත්විණි.
හිටපු අමාත්‍යවරයාව ප්‍රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.
නමුත් හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එම විරෝධතාවය නොතකා කනත්තට ඇතුළු වි සිය විරෝධතාවය පැවැත්වූහ.
මර්වින් සමාජ මාධ්‍ය වළලන්න බොරැල්ල කනත්තට යයි (video)
2024-02-05T07:41:00+05:30
Gossip Lanka Hot News







