gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය රජයේ නිළ ආරාධනයකින් අනුරව කැදවයි.. රැල්ල ඉන්දියාවටත්..

Lanka Hot News ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ තවත් දෙදෙනෙකු ද අද (05) අලුයම නවදිල්ලි නුවර බලා පිටත් ව ඇත ..

ජාතික ජන බලවේගය පක්ෂය මුලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මත ගොඩ නැගී ඇති අතර එම පක්ෂය මීට පෙර ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි

ඉන්දු - ලංකා සාම ගිවිසුම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයක් ඔවුන් විසින් මෙහෙයවන ලැබීය.

ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කර තිබුණි.

සිය පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ දී සිදුකරන පන්ති පහ පැවැත්වීමේ දී ද ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීමක් සිදුකළ බව වාර්තා වේ.

කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමග හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සුදානම් බවය.

අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka