gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අශෝක් පතිරගේ හා ආසිරි රෝහල් ලොක්කන්ට දුන් තීන්දුව ගැන මහේස්ත්‍රාත්වරිය පුදුම වෙයි

Lanka Hot News ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 21 වැනිදාට අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (02) නියෝග කළාය.

ඒ එම නඩුව සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ රංජිත් හීල්ලගේ මහතා මෝසම මාර්ගයෙන් අද කරන ලද කරුණු දැක්වීමට අනුවය.

මේ නඩුවේදී පුදුම සහගත දේ සිදුවී ඇති බවත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොසිටි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ පැමිණිලි පාර්ශවය නොසිටි පසුගිය ජනවාරි 17 වැනිදා ආසිරි රෝහලේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක වීරසිංහ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් මේ නඩුව කැඳවා මෙහි තීන්දුව ලබාගෙන ඇති බවත් එය නීතියට පටහැනි බවත්, එය නඩුව සොරා පැහැරගෙන යාමක් බඳු යැයි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙය අපරාධ නඩුවක් බවත්, පෙන්වාදුන් නීතීඥවරයා එම නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාවේ බලය ලත් නියෝජිතයා යැයි ලිපියක් ඉදිරිපත් කරමින් කැලුම් ගිමෙන්ත්‍ර ජයසූරිය නැමැත්තෙකු නඩුවේ විත්තිකරුවන් වන ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් වරද පිළිගෙන ඇති බවත්, එසේ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් වෙනත් අයකුට පෙනී සිටිය නොහැකි බවද අධිකරණයට දැන්වීය.

අදාළ විත්තිකරුවන් අතර විශාල ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් ඇතුළු රටේ ප්‍රභූන් සිටින බවත්, අපරාධ නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් මෙලෙස වෙනත් අයකුට පෙනීසිටීමට අවස්ථාව සැලැසීම නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ද  නීතීඥ රංජිත් හීල්ලගේ මහතා අධිකරණයට කියා සිටියේය.

නීතීඥ රංජිත් හීල්ලගේ මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් බලයලත් නියෝජිතයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 25,000ක දඬ මුදලක් නියම කර ඇති බවත්, එසේවුවද, මෙවැනි වරදක් පිළිගත් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ජනතාව‍ගෙන් සමාව ඉල්ලා සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන පුවත්පත්වල අඟල් 10 X 10 ප්‍රමාණයෙන් දැන්වීමක් පලකළ යුතුබවත්, ඒ සඳහා නියෝගයක් මෙහි නැතැයි ඔහු ‍අධිකරණයට දැන්වීය.

මේ තොරතුරු දැනගැනීමෙන් තමාත් පුදුමයට පත්වූ බවත්, කිසිම අවස්ථාවක වැඩබලන මහේස්ත්‍රාත්වරයකුට දඬුවම් නියෝගයක් නිකුත් කළ ‍නොහැකි බවත්, මේ නඩුවේ යම්කිසි ගැටලුවක් සිදුව ඇති බව නීරීක්ෂණය වන බවත්, මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විවෘත අධිකරණයේ කියා සිටියාය.

‍අදාළ විත්තිකරුවන්ට දඬුවම් නියම කර ඇති ආකාරය පිළිබඳව ද ගැටලුවක් ඇතැයි ද, විත්තිකරුවන්ට චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළ යුතුබවත්, එසේම මෙවැනි සුළු දඬ මුදලකුත් නියම කළ නොහැකි බවද ඇය පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ නඩුවේ විත්තකරුවන් ලෙස නම්කර ඇති ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) ඇතුළු පිරිසට ලබන 21 වැනිදාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස නියෝග කළාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ද එදිනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළාය.

මේ නඩුව සම්බන්ධයෙන් අධිකරණය ඇතුළේ වූ හෙළිදරව්ව ඉදිරියේදී. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka