ශ්‍රී ලංකාව බංකොලොත් බව තමන් ප්‍රකාශ නොකළේ යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන දෙදෙනා ප්‍රකාශ නොකළ බව කෝප් කමිටුව හමුවේ කරුණු දක්වා තිබිණි.
එහෙත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන 2023 සැප්තැම්බර් 07 වෙනි දින පැවති පාර්ලිමේන්තු විවාදයකට එක් වෙමින් අවධාරණය කර තිබුණේ රට බංකොලොත් වී ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කර තිබෙන බව ය.
වජිර අබේවර්ධන ඒ බව සඳහන් කරමින් කළ කතාව හැන්සාඩ් වාර්තාවෙන් උපුටාගෙන පහත දැක්වේ.
“මේ රට බංකොලොත් කියලා කිව්වේ මුදල් අමාත්‍යාංශයයි. එතකොට අපි වෙනසක් කරනවා නම් ඉස්සෙල්ලා මුදල් අමාත්‍යාංශය වෙනස් කර ගන්න ඕනෑ. මේ රට බංකොලොත් කියලා කිව්වේ ශ්‍රී ලංකා මහ බැංකුව. එහෙම නම් මහ බැංකුව වෙනස් කර ගන්න ඕනෑ. ඒවා වෙනස් කරන්න පුළුවන්.”