gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇණවුම්වලට සංස්ථාව සීමා දායි – ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ අවදානමක්!

සිපෙට්කෝ ඉන්ධන පිරවුන්හල් ආශ්‍රිතව ඉදිරියේදී දැඩි ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද සිට ක්‍රියාත්මක වන පරිදි නව නියෝගයක් නිකුත් කර ඇත.

මේ නියෝගයට අනුව අද සිට දිනපතා පෙරවරු 10ට පෙර බෙදුම්කරුවන් තමන්ට අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවා අවසන් කළ යුතුය.

මීට පෙර මෙලෙස ඇණවුම් කරන ඉන්ධන වෙනුවෙන් මුදල් පියවීම දිනපතා පස්වරු 4:00 පමණ වනතුරු සිදුකළ හැකි විය.

බෙදුම්කරුවන් පෙන්වාදෙන්නේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව මෙලෙස ඉන්ධන ඇනවුම් සහ මුදල් ගෙවීම් සමබන්ධයෙන් නව නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් අර්බුදයක් මතුවීම වැලැක්වීමට නොහැකි වනු ඇති බවයි.

මෙම නියෝගය සෘජුව විෂයභාර ඇමැති කාංචන විජේසේකරගේ උපදෙස් මත නිකුත් කර ඇති බවත් පෙන්වාදෙන ඛනිජතෙල් නීතිගත සංස්ථා සේවකයෝ වැඩිදුරටත් පවසන්නේ, මෙය සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වසාදමා ඒවා බහුජාතික සමාගම්වලට පැවරීමේ උත්සාහයේ තවත් පියවරක් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka