කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබේ.
මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.
ඒ සඳහා උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායම ද සහාය පළකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
