කරුණා අම්මාන්ගේ කුඹුර මුර කරපු මුරකරුවන් දෙදෙනා හදිසියේ කුඹුරේදීම මැරිලා වැටිලා!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන්ට අයත් වාලච්චේන, ඊච්චයිඅඩිහි කුඹුරු ඉඩමකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී කුඹුරු ඉඩමේ මුරකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි වාලච්චේන පොලිසිය කියයි.
ඒ යෝගනාදන් (51) හා එම්. සුදර්ශන් (21) නමැති පුලිපංචිකල්, කෝරාවලි සහ කුඩුම්බිමලේ පදිංචි දෙදෙනකු මෙසේ මියගොස් ඇත.
කුඹුරු ඉඩමට වන අලින් පැමිණීම වැළැක්වීම සඳහා විදුලි වැටක් මෙන් අනවසරයෙන් මෙම විදුලි රැහැන් ඇද තිබී ඇතැයි වාලච්චේන පොලිසිය කියයි.
කරුණා අම්මාන්ට අයත් මෙම කුඹුර මෙවර වගා කටයුතු සඳහා කරාන් හි පදිංචි ටී. සෙන්දුරන් යන අයෙකුට ලබාදී තිබේ. ඔහු කුඹුරේ ආරක්ෂාවට අනවසරයෙන් විදුලි රැහැන් ඇද තිබී ඇත.
මියගිය දෙදෙනාගේ සිරුරු හමු වී ඇත්තේ පෙරේදා (13 වැනිදා) රාත්‍රියේදීය. මෙය ඉකුත් 12 වැනිදා පස්වරුවේ සිට ගතවූ කාලය තුළ සිදුවී ඇතැයි හෙළි වී තිබේ. දෙදෙනා මියගියේ කුමන සිදුවීමක් මුල්කරගෙනද යන්න හෙළි වී නොමැත.
මෙම මරණ දෙක සම්බන්ධව අපරික්ෂාකාරී ක්‍රියාවක් සිදුකළ චෝදනාවට කුඹුරේ වගා කටයුතු භාරව සිටි ටී. සෙන්දුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කරුණා අම්මාන්ගේ කුඹුර මුර කරපු මුරකරුවන් දෙදෙනා හදිසියේ කුඹුරේදීම මැරිලා වැටිලා!
2024-02-15T11:49:00+05:30
Gossip Lanka Hot News






