මහකනදරාව ජල ව්‍යාපෘතිය රනිල් අතින් අද විවෘත වෙන්න නියමිතව තිබියදී ගොවීන් විශාල පිරිසක් පාරට බැස උද්ඝෝෂණයක් අරඹයි! පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්!
මහකනදරාව උතුරුජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එරෙහිව ගොවීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් අරඹා තිබේ.
මෙම ජල ව්‍යාපෘතිය අද (15 ) ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජපන් තානාපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.
විරෝධතාකරුවෝ රඹෑව නගරයේ සිට මෙම ව්‍යාපෘතිය විවෘත කෙරන ස්ථානයට විකල්ප මාර්ගද භාවිත කරමින් පිවිසෙන බව අප වාර්තාකරුවෝ පවසති. විකල්ප මාර්ග භාවිත කරමින් උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණනෙ ගොවීන් නවත්වන්නට උත්සාහයක යෙදෙන පොලීසිය ට ගොවීන්ගේ විරෝධය ඒල්ල වීමත් සමඟ ඒම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ.
යුදහමුදාව ,පොලීසිය,කැරලි මර්දන ඒ්කකය යොදවා ආරක්ෂාව තර කර ඇති අතර ජල ප්‍රහාරක රථ, කදුළු ගෑස් ආදී සියලු දෑ ප්‍රදේශයේ තැනිත් තැන දකින්නට ඇති බවත් ඔවුහු කියති. -ලංකාදීප
මහකනදරාව ජල ව්‍යාපෘතිය රනිල් අතින් අද විවෘත වෙන්න නියමිතව තිබියදී ගොවීන් විශාල පිරිසක් පාරට බැස උද්ඝෝෂණයක් අරඹයි! පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්!
2024-02-15T11:47:00+05:30
Gossip Lanka Hot News






