gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරුණිකාට ප්‍රභූවරයෙකුට මෙන් විශේෂ ආරක්ෂාවක්... ඉදිරියෙන් සහ පිටුපසින් ආරක්ෂක රථ ගමන් කරයි (PHOTOS)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැස්වීම් සදහා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වනවා. ඒ අනුව, පසුගිය සති අන්තය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්, සමගිය වනිතා පෙරමුණේ දිස්ත්‍රික් කාන්තා සමුළු වැඩසටහන සඳහා සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහා මෙම විශේෂිත වූ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ බවයි සඳහන් වන්නේ.

ඇය ගමන් කරන අවස්ථාවේදී පෙර සහ පසු ආරක්ෂක රථ දෙකක් ගමන් කර ඇති බවත්,ඇය සහභාගි වූ ජනරැලි සඳහා ප්‍රභූවරයකු ආරක්ෂා කරන ආකාරයට ඇයගේ ආරක්ෂාව සදහා 07 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව වැඩිදුරටත් සොයා බැලීමේ දී අපට දැනගන්ට හැකි වූයේ පසුගිය ජනවාරි මස 17 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ආන්දෝලනාත්මක නඩු තීන්දුව නිසාවෙන් ඇයගේ ජීවිත අවධානම පදනම් කරගෙන මෙලෙස හදිසියේ ආරක්ෂාවක් යෙදවූ බවයි.

කෙසේවෙතත් ඇයගේ රථයට ඉදිරියෙන් සහ පිටු පසින් ගමන් ගන්නා ආරක්ෂක රථ දෙක සහ ආරක්ෂක කණ්ඩායම රජයේ මැදිහත්වීමකින් තොරව පෞද්ගලිකව යෙදවූවක් බවයි පැවසෙන්නේ.

පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීම් වලට අදාල ඡායාරූප කිහිපයක් පහතින්,

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka