Online පනතට කථානායක අත්සන් තබයි : අද සිට පනත බලාත්මකයි
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් ඒ බව තහවුරු කළ අතර ඒ අනුව,එම පනත අද (01) සිට බලාත්මක වනු ඇති.
පාර්ලිමේන්තුව තුළ කුමන හෝ පනතක් සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මුලසුන හොබවන කථානායකවරයා විසින් ඊට අත්සන් තැබීමෙන් පසු එය බලාත්මක වනවා.
එම පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ සංශෝධන සහිතවයි.
විපක්ෂය සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් කථානායකවරයාට මීට පෙර දැනුම් දී තිබුණේ අධිකරණය ලබාදුන් සංශෝධන පනතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙසයි.
Online පනතට කථානායක අත්සන් තබයි : අද සිට පනත බලාත්මකයි
2024-02-01T13:06:00+05:30
Gossip Lanka Hot News






