ෆොන්සේකා රෑට රෑට ඩයනාගමගේගේ ගෙදර යනවා... මේවා කුප්ප වැඩ - මරික්කාර්
සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා රෑට රෑට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බවට වාර්තා පලවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඩයනා ගමගේ අමාත්‍යවරයගේ ස්වාමිපුරුෂයා යනු ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම් බවද මන්ත්‍රීවරයා පැවසීය.
මේවා කුප්ප වැඩ බවත් සමගි ජන බලවේගයේ සිටින්නේ නම් පක්ෂය සමඟ සිටිය යුතු බවත් ජනාධිපතිවරයා සමඟ සිටින්නේ නම් ඔහු සමඟ යා යුතු බවත් හෙතෙම කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතාගේ මෑත කාලීන භාවිතව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
ෆොන්සේකා රෑට රෑට ඩයනාගමගේගේ ගෙදර යනවා... මේවා කුප්ප වැඩ - මරික්කාර්
2024-02-19T07:34:00+05:30
Gossip Lanka Hot News





