gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජුලි 31 ආණ්ඩුවේ වැඩ ඉවරයි! මෙන්න රහසින් දීලා තියෙන නියෝගය!

ජුලි මස 31 වැනිදාට අවසන් කිරීමට හැකි ව්‍යාපෘති පමණක් ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී රජයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය යළි ඇරැඹූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව පවසා ඇති ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, එම සංවර්ධන වැඩ සඳහා  රාජ්‍ය යන්ත්‍රණයේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ.

පළාතට, දිස්ත්‍රක්කයට හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල වගකීම බවද සඳහන් කර ඇති ඇමතිවරයා, එම සංවර්ධන කටයුතු හදුනා ගැනීමේදී මහජන අදහස් හා යෝජනා ලබා ගත යුතු බවද කියා ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කර ඇත්තේ, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණි.    

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka