අවලෝකිතේශ්වර බුද්ධ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා බොදු දහමට අපහාස වන ආකාරයෙන් දේශන පවත්වා ඇත්තේ ඔහු බින්නෝන්මාදය නමැති දැඩි මානසික ව්‍යාකූල තත්ත්වයෙන් පෙළුණ වකවානුවක බවත් එකී මානසික ව්‍යාකූල තත්ත්වයට තවදුරටත් ප්‍රතිකාර ලබාදිය යුතු බවටත් විශේෂඥ මානසික වෛi වාර්තාව පෙන්වා දී ඇති බැවින් ඇප ලබාගැනීමෙන් පසුව සතියේ සෑම සඳුදා දිනකම ඔහු අංගොඩ ජාතික මානසික විiා ආයතනයේ මානසික ව්‍යාධි සායනයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07) නියෝග කළේය. මින්මතු මහජනතාව ප්‍රකෝප වන ආකාරයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන ලෙසට දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුට රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. තම අධිකරණය හමුවට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛi අධිකරණ වෛi නිලධාරියකු විසින් ඉදිරිපත් කර ඇති වෛi වාර්තාව මත පදනම්ව එම ඇප නියෝගය නිකුත් කරනා බවද විවෘත අධිකරණය හමුවේදී පැවසූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සැකකරුට විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
එම සැකකරු හා ඔහුගේ අනුගාමිකයන් එලෙස බොදු දහමට අපහාස වන ආකාරයෙන් හැසිරෙනුයේ මූලධර්මවාදීන්ගේ හෝ යම්කිසි රාජ්‍ය නොවන සංවිධානයක මඟපෙන්වීම අනුව දැයි අනාවරණය කරගැනීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මින්මතු මහජනයා ප්‍රකෝප කරවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට අවවාද කොට සුදුසු නියෝගයක් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ නොවන බවද අධිකරණයට දැනුම් දුන්නේය.
සිය සේවාදායකයා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටින ඔහුගේ සහෝදරිය ඇතුළු ඇපකරුවන් අධිකරණයේ නියෝගය පරිදි ඔහුට අවශ්‍ය වෛi ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනීමට එකඟවන්නේ යැයි එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට පැවසීය.
මහින්දාගමන ජාතික එකමුතුව නමින් සංවිධානයක් පිහිටුවා එහි ලේකම්වරිය ලෙස කටයුතු කරන තඹුත්තේගම සද්ධම්මචාලා නමැති මෙහෙණිය එකී සැකකරු ගුරුපියා ලෙස හඳුන්වාදී ඔහු වෙනුවෙන් ඉල්ලීම් කරමින් කටයුතු කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක
