gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙලියට ඔක්සිජන් දෙයි.. ඔහුම ඉන්දියාවෙන් ගෙනා ඖෂධත් දෙයි..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කරයි.

ඔහුට ඇති වී තිබෙන රෝග තත්වයන්ට ලබා දෙන්නේ ඔහු අමාත්‍ය ධුරය දරන කාලයේ ආනයනය කරනවද ඖෂධ බවද හෙතෙම කියා සිටියි.

සිංගප්පූරැවෙන් ගෙන්වන ලද ඖෂධ ඔහුට ලබා දෙන්නේ යැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

රඹුක්වැල්ල මහතාට රෝගී තත්ත්වයන් හතක් ඇති බවත් ඒ බව වෛද්‍ය වාර්තා සහිත බවත් ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයාට රාත්‍රී කාලයේ ඔක්සිජන් සැපයිය යුතු බවද පවසන ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලේදී ඔහුට එම පහසුකම් ද ලබාදෙමින් සිටින බවද කියා සිටියේය.

වයස අවුරුදු හැත්තෑවක් වන ඔහු අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග කිහිපයකට ඖෂධ වර්ග අටක් හෝ නවයක් භාවිතා කරමින් සිටින බවත් ඊට අමතරව දනහිසේ ශල්‍යකර්මයකට ලක්කර ඇණ යොදා ඇති බවද කියා සිටියේය.

එවන් රෝගියකු සම්බන්ධයෙන් බන්දනාගාර ගත කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ද රජයක් ලෙස වගකිවයුතු නිසා රැුඳවියාගේ තරාතිරම නොබලා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා රෝහලට යොමු කරන බවත් වෛද්‍යවරයා පැවසීය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඇඳන් 145ක රෝගීන් 380 ක් සිටින බවද පවසන වෛද්‍යවරයා එය සියයට දෙසීයක තදබදයක් බවද සඳහන් කළේය.

එහි සිටින සියලුම රෝගීන් ප‍්‍රභූවරු නොවන බවත් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු අයට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka