අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සදහා සුදුස්සන් බදවා ගැනීම සදහා අයදුම්පත්‍ර කැදවිමේදී අක්‍රමිකතා සිදුවිම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව ඇති බව වාර්තා වේ.
අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ (පරිපාලන), අධ්‍යක්ෂ (මුල්‍ය ) , මාණ්ඩලීය ලේකම්/නීතී නිළධාරි ආදි තනතුරු සහ අභ්‍යන්තර තනතුරු රැසකට බඳවා ගැනීමට කැඳවු අයදුම් පත් සම්මුඛ පරික්ෂණය සදහා කැඳවිම් නොකර තමන්ට හිතවත් අය පමණක් බඳවා ගැනිමට සැලසුම් කර ඇති බව ඉතා විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.
ඒ අනුව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා ලැබුන අයදුම්පත් වලින් තුනක් පමණක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් පමණක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඔවුන් දෙදෙනා ම නොසුදුසු අය ලෙස නම්කර පුරප්පාඩු පිරවීම නතර කරන ඇත.
අයදුම්පත් කැඳවීමේ දී පල කරන පුවත්පත් දැන්වීම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු අතර එහිදී අයදුම්පත් එවිය යුතු ලිපිනය “සභාපති, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙස සඳහන් විය යුතු වුවත් පලකරන ලද පුවත්පත් දැන්වීමේ සඳහන්ව ඇත්තේ අයදුම්පත් එවිය යුත්තේ “අධ්‍යක්ෂ ජනරාල්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙසය.
ආයතනයේ සේවකයින් පවසන්නේ දැනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිට මෙම ආයතනයේ වැඩබැලිමට පැමිණෙන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම මණ්ඩලයෙන් තමන්ට ලැබෙන තනතුර, දීමනා හා වරප්‍රසාද නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්වුවහොත් අහිමි වන බැවින් මෙම තනතුරු පුරප්පාඩුව පිරවීම අවහිර කර ඇති බවය.
ඊට අමතරව අධ්‍යක්ෂ (පරිපාලන) සඳහා ලැබුණු අයදුම්පත් තුනෙන් එක් අයෙකුටවත් සුදුසුකම් නොමැති බව පවසා සම්මුඛ පරික්ෂණයට කැදවා නොමැත.
අධ්‍යක්ෂ (මුල්‍ය) තනතුර සදහා ද අයදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් එක් අයෙකුට පමණක් සම්මුඛ පරික්ෂණයට කැඳවා තිබෙි.
මේ අකාරයට මාණ්ඩලික ලේකම් නීතී නිළධාරි තනතුර සදහා අයදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් දෙදෙකුට පමණක් සම්මුඛ පරික්ෂණයට කැඳවා ඇතත් එක් පුද්ගලයෙකු පමණක් පැමිණ ඇත. එම තැනැත්තාවම එම තනතුරට තෝරා ගෙන ඇති අතර ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ ඥාතියෙක් බව වාර්තාව රජයේ විගණන නිලධාරීන් මෙම තනතුරු වලට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ මුල සිට නිසියාකාරයෙන් කටයුතු කළා නම් මෙවන් නීති විරෝධී බඳවා ගැනීම් වලක්වා ගත හැකිව තිබූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
