gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උණවටුනේ ආන්දෝලනාත්මක ‘සුද්දන්ට පමණයි’ පාටිය ගැන රුසියානු තානාපති කාර්යාලය කරුණු පැහැදිලි කරයි

සෙනසුරාදා (24) රාත්‍රියේ උණවටුන ප්‍රදේශයේ රුසියානු ජාතිකයන් විසින් සංවිධානය කළ බව කියන මතභේදාත්මක ‘සුදු ජාතිකයන්ට පමණයි’ තේමාවෙන් යුතු ‘ධවල රාත්‍රී සාදයක්’ සම්බන්ධයෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

“සියලු ආකාරයේ වාර්ගික වෙනස්කම් කිරීම් සහ ජාතිවාදයන් රුසියාව දැඩි ලෙස හෙළාදකින බව තානාපති කාර්යාලය අවධාරණය කිරීමට කැමතියි” යනුවෙන් තානාපති කාර්යාලය සිය X ගිණුම හරහා ප්‍රකාශ කර ඇත.

රුසියානු ඩීජේ සංගීත ශිල්පියකු උණවටුන සමාජ ශාලාවක පසුගියදා සංවිධානය කළ සාදයක් ‘ෆේස් කොන්ට්‍රෝල් : වයිට්’ යනුවෙන් ප්‍රචාරය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්විය.

ප්‍රශ්න කළ විට, ඔහු විස්තර කර තිබුණේ එහි තේරුම ‘සුදු මිනිසුන් සඳහා පමණි , ප්‍රදේශවාසීන් නැත’ යන්න බවයි.

මෙය අන්තර්ජාලය හරහා දැඩි විවේචනයට ලක්වූ අතර එය බලධාරීන්ගේ අවධානයට ලක්වීමෙන් පසු ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාදය අවලංගු කර තිබේ.

අදාළ රුසියානු ඩීජේ සංගීත ශිල්පියා Instagramහි පසුව ප්‍රකාශකර තිබුණේ ඔහු තම පවුල සමඟ රට හැරගිය බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka