gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දරුවන් මරණ විෂ සහිත කැස්ස සිරප් සහ පැරසිටමෝල් සිරප් වෙළෙඳපලේ – ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට කියයි

ඩයිඑතිලීන් ග්ලයිකෝල්/එතිලීන් ග්ලයිකෝල් නැමැති විෂ රසායන ද්‍රව්‍ය අධිමාත්‍රවෙන් අඩංගුවී ඇති නිසා මාරාන්තික තත්ත්ව ඇති කරන කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරිසිටමෝල් අඩංගු සිරප් වර්ග කීපයක් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව දැනුම්වත් කර ඇති බැවැනි  කුඩා දරුවන්ට  ඖෂධ ලබා දීමේ දී  වෛද්‍ය නිර්දේශමතම ලබා දෙන ලෙස කොළඹ ජාතික විෂ තොරතුරු  මධ්‍යස්ථානය   දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Alergo syrup, Emidone suspension, Mucorid syrup, Ulcofin suspension සහ Zincell syrup ලෙස වෙළෙඳපලට එන මෙම සිරප් වර්ග  ඉන්දියාවේ හා පාකිස්ථානයේ නිෂ්පාදනය කරන නමුත් අදාල නිෂ්පාදන ආයතනයන්ගෙන් එම ඖෂධ  මෙරටට ආනයනය නොකරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කර ඇතැයි  ද විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි.

නමුත් නියාමනයකින් තොරව අවිධිමත් ලෙස ගෙන්වන ඖෂධ ජාවාරමක් ද රට තුළ හෙළි වී ඇති බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන ලෙස දන්වන එම මධ්‍යස්ථානය මෙම ඖෂධ විෂ වීම හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයන සහ ලාඕසය රටවල දරුවන්ගේ  මරණ ද වාර්තා වී ඇති බව  පෙන්වා දෙයි.

මෙවැනි යම් කිසි සිරප් වර්ගයක් භාවිතා ක කිරීමෙන් අනතුරුව කිසියම් දරුවෙකුට බඩේ වේදනාවක්  පැන නැගුණහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, වකගුඩු  රෝගී තත්ත්වයක් වාර්තා වන්නේ නම් ඒ සම්බන්ධව  විෂ තොරතුරු මධ්‍යස්ථානය වහාම දැනුවත් කරන ලෙසත් සේවයේ නියුතු සියලුම වෛද්‍යවරුන්ව මේ වනවිටත් දැනුවත් කර ඇතැයි අධ්‍යක්ෂකවරයා පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka