gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙල්ලනව බේරගත්තෙ මෙහෙමයි – ගෙදරටත් පොලිස් ආරක්ෂාව (VIDEO)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැය 7කට ආසන්න කාල­යක් ඔහුගේ නිල කාර්යා­ලයේ සිරකර තබා­ගැ­නී­මට සුළු සේව­ක­යන් ඊයේ (16) කට­යුතු කළ අතර, පොලි­සිය සහ කැරලි මර්දන ඒක­කය එක් වී මහත් පරි­ශ්‍ර­ම­යක් දරා ඔහු රෝහල් පරි­ශ්‍ර­යෙන් පිට­තට ගෙනයෑමට කට­යුතු කළේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සුළු සේව­ක­යන් ඉලක්ක කර­ගෙන විටින් විට කරන ලද ප්‍රකා­ශ­ව­ලට විරෝ­ධය පළකර­මින් සුව සේව­කයෝ මෙසේ ඔහු කාර්යාල අඩ­ස්සියේ රඳ­වා­ගෙන රෝහල් භූමියේ කල­හ­කා­රිව හැසි­රු­ණහ.

මේ හේතු­වෙන් රෝහල් පරි­ශ්‍රය තුළ දැඩි නොස­න්සු­න්කාරි තත්ත්ව­යක් මතු වූ අතර, තත්ත්වය පාල­නය කිරී­මට කැරලි මර්දන ඒක­ක­යද කැඳ­වී­මට සිදුවිය.

සුළු සේව­ක­යන් විරෝ­ධය දක්ව­මින් කල­හ­කා­රිව හැසි­රෙන අත­ර­තුර කැරලි මර්දන ඒක­කයේ සහ පොලි­සියේ සහාය ඇතිව බෙල්ලන සිය කාර්යාල කාම­ර­යෙන් එළි­යට රැගෙන විත් පොලිස් ජීප් රථ­යක නංවා රෝහල් පරි­ශ්‍ර­යෙන් රැගෙන යෑමට පොලි­සිය පිය­වර ගත්තේය.

ඊයේ (16) දහ­වල් 12.00ත් 12.30ත් මේ විරෝ­ධය ආරම්භ කළ අතර, සවස 6.30ට පමණ බෙල්ලන පරි­ශ්‍ර­යෙන් එළි­යට ගැනිණි.

රෝහල් සේව­කයෝ විශාල පිරි­සක් රෝහල් භූමි­යට රැස්ව කල­හ­කා­රිව හැසි­රෙ­මින් බෙල්ලන එම තන­තු­රෙන් ඉවත් කරන ලෙස ඉල්ල­මින් දිගින් දිග­ටම විරෝ­ධ­තාව දැක්වූහ.

වෛද්‍ය­ව­රුන්ට දෙන රු. 35,000ක වැට් දීම­නාව ඉල්ල­මින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසු­ගිය 13 දා සිට දින 2ක කාල­යක් වැඩ­ව­ර්ජ­න­යක් ක්‍රියා­ත්මක කළ අතර, ඒ අව­ස්ථා­වේදී ජනමාධ්‍ය­යට අද­හස් පළකර­මින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සුළු සේව­ක­යන් පහත් කර කතාකළ බවට සේව­කයෝ මෙහිදී චෝදනා කළහ.

මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ නිවෙස අවට ආර­ක්ෂා­වට පොලි­සිය යොදවා ඇති බවද වාර්තා වේ.(දිනමිණ)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka